තවත්
    මුල් පිටුවදේශීය පුවත්බිලියන 23ක මත්කුඩු අවස්ථා 04කදී අල්ලයි

    බිලියන 23ක මත්කුඩු අවස්ථා 04කදී අල්ලයි

    නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ ධිවර යාත්‍රා මගින් මෙරටට රැගෙන එමින් තිබියදී අප්‍රේල් සහ මැයි යන මාස දෙකක කාලය තුළ පමණක් රුපියල් බිලියන 23ක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

    බහුදින යාත්‍රා මගින් මෙරටට රැගෙන එමින් තිබියදී වැටලීම් හතරකදී මෙම මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

    හෙරොයින් කිලෝ 542ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1216ක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    අප්‍රේල් 05 වෙනිදා සැකකරුවන් 08 දෙනෙක් සමඟ හෙරොයින් කිලෝ 191ක්ද අයිස් කිලෝ 671ක්ද, අප්‍රේල් 12 වෙනිදා සැකකරුවන් 06 දෙනෙක් සමඟ හෙරොයින් කිලෝ 77න් සහ අයිස් කිලෝ 42ක්ද, මැයි 28 වෙනිදා සැකකරුවන් 06 දෙනෙක් සමඟ හෙරොයින් කිලෝ 166ක් සහ අයිස් කිලෝ 253ක්ද, එදිනම සැකකරුවන් 05 දෙනෙක් සමඟ හෙරොයින් කිලෝ 108ක් සහ හෙරොයින් කිලෝ 250ක්ද වශයෙන් මෙම මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img