තවත්
    මුල් පිටුවදේශීය පුවත්නිමල් සිරිපාල ද සිල්වාගේ නිවසේ සේවිකාවක් විදුලි සෝපානයේ ගැටී මියයයි

    නිමල් සිරිපාල ද සිල්වාගේ නිවසේ සේවිකාවක් විදුලි සෝපානයේ ගැටී මියයයි

    හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බොරැල්ල ඇල්විටිගල මාවතේ පිහිටි නිවසේ සේවයේ නිරතව සිටි ගෘහ සේවිකාවක් විදුලි සෝපානයෙන් ගමන් කිරීමේදී හිස කොටස ඉහළ මහලේ ස්ලැබ් එක සහ විදුලි සෝපානයේ දොර අතර සිරවී තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

    මෙම අවාසනාවන්ත අනතුර ඊයේ (28) සවස් කාලයේදී සිදුව ඇතැයි බොරැල්ල පොලිසිය සඳහන් කළේය.

    ග්‍රෑන්ඩ්පාස් ස්ටේස්පුර පදිංචිකාරියක් වන 65 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇත.

    මෙම කාන්තාව විදුලි සෝපානයේ පළමු මහල වෙත ගමන් කරමින් සිටියදී හිස කොටස විදුලි සෝපානයෙන් පිටතට දැසීමේදී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන වලින් අනාවරණය වූ බව බොරැල්ල පොලිසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img