තවත්
    මුල් පිටුවදේශීය පුවත්නවකවද සිද්ධියකට අග්නිදිග සරසවියේ ඉංජිනේ රු සිසුන් 12ක් රිමාණ්ඩ්

    නවකවද සිද්ධියකට අග්නිදිග සරසවියේ ඉංජිනේ රු සිසුන් 12ක් රිමාණ්ඩ්

    නවක වද සිදුවීමක් මුල්කරගෙන ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවැනි වසරේ සිසුන් 12ක් දෙනෙක් අක්කරපත්තුව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සිසුන් 12 දෙනා වෙප්පතෝට්ටම් ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 27 වෙනිදා සවස් කාලයේදීය.

    සැකකාර සිසුන් 12 දෙනා අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 01 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිසිය සඳහන් කළේය.

    බිබිල, වීරපොකුණ, ඇඹිලිපිටිය, පොලොන්නරුව, මුදුන්ගොඩ, වෙන්නප්පුව, හිඟුරක්ගොඩ, තණමල්විල, මතුගම, රාගල සහ මාරවිල යන ප්‍රදේශවල මෙම සැකකරුවන් පදිංචිකරුවන්ය. මෙම සිසුන් අවුරුදු 25ත් 26ත් අතර පසුවන්නන් බව පොලිසිය සඳහන් කළේය.

    අග්නිදිග විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිරිසකය ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් නවක වදය ලබාදෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙලක් මුල්කරගෙන ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල පොලිසියට ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියද විමර්ශනයක් පවත්වා සිසුන් 22 දෙදෙනෙකුගේ පංති තහනමක්ද කර තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img