රුපියල් කෝටි 29කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව මැණික් ව්‍යාපාරිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූළ්‍ය හා වාණීජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 53ක් වන සැකකරු මාතර පදිංචිකරුවෙකි.
චෙක්පත් මගින් මෙම මුදල් වංචාව සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.
මෙම මැණික් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ චෙක්පත් මගින් රුපියල් විසිනව කෝටි හැටලක්ෂයක මුදලක් වංචා කිරීම, සොරබඩු බැහැර කිරීම, වංචාවට ආධාර හා අනුබලදීම හා සාවද්‍ය පරිහරණය යන චෝදනා සම්බන්ධයෙන් සැකපිට බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.