තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොණ්ඩ අජිත්ගේ සහ ජුණ්ඩාගේ කෝටි 16ක දේපොල වල ට වූ දේ

    කොණ්ඩ අජිත්ගේ සහ ජුණ්ඩාගේ කෝටි 16ක දේපොල වල ට වූ දේ

    පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ රුපියල් කෝටි 16කට අධික වටිනාකමක් ඇති දේපොල රජයට පවරා ගැනීමේ මුල් පියවරක් ලෙස නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් ක්‍රියා විරහිත කිරීමට පසුගිය 27 වෙනිදා පියවර ගෙන තිබේ.

    බටුවත්තේ චාමරගේ මත්කුඩු ජාලයේ ප්‍රධාන පුරුකක් ලෙස පොලිසිය හදුනාගෙන සිටින කදානේ කොණ්ඩ අජිත් සහ බොරැල්ලේ ජුන්ඩා නැමැති සැකකරුවන් විසින් නීති විරෝධි ලෙස මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන දේපොල මෙසේ අක්‍රියකර ඇත.

    කඳානේ පිහිටි සිව් මහල් නිවසක්, බොරැල්ලේ පිහිටි දෙමහල් නිවාස දෙකක් සහ තෙමහල් නිවසක්, ජපන් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක්, නැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් මෙසේ අක්‍රියකර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img