අයුතු වත්කම් රැස්කිරීමේ චෝදනාව මත සිදුකරන විමර්ශනයකට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් වූ සීමාහේවකගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අද දින අත්අඩංගුවටගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
අල්ලස් පනතේ 23(අ) වගන්තිය සමග කියැවිය යුතු දූෂණ විරෝධි පනතේ 109 වගන්තිය අනුව අල්ලස් මගින් හෝ/සහ දූෂණ විරෝධි පනතේ වැරදි මගින් වත්කම් රැස්කිරීමට අදාලව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව ද අල්ලස් කොමිෂන් සභාව සඳහන් කරයි.
අත්අඩංගුවටගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.