තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඩෙංගු අවධානම ඉහළට - දැනට මරණ 16ක්

    ඩෙංගු අවධානම ඉහළට – දැනට මරණ 16ක්

    ඩෙංගු ආසාදිතයන් 27,932 ක් සහ ඩෙංගු මරණ 16 ක් මෙම වසරේ මෙතෙක් ගෙවී ගිය කාලය තුළ වාර්තා වී තිබේ.

    මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා මදුරුවන් බෝ විය හැකි අවදානම් පරිශ්‍ර 179,026 ක් පරීක්ෂාවට ලක් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

    නිවාස 167,081 ක්, පාසල් 317 ක්, සෙසු අධ්‍යාපන ආයතන 386 ක්, රජයේ ආයතන 927 ක්, පෞද්ගලික ආයතන 6935 ක්, කර්මාන්ත ශාලා පරිශ්‍ර 271 ක්, ඉදි කිරීම් ස්ථාන 930 ක්, ආගමික ස්ථාන 657 ක් සහ පොදු ස්ථාන 320 ක් මෙසේ පරීක්ෂාවට ලක්ව තිබේ.

    මදුරුවන් බෝ වීමට අවදානමක් ඇති බවට පරීක්ෂාවට ලක් කළ නිවාස 167,081 අතරින් සියයට 23 ක මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනා ගත් බවත් පාසල් 317 න් 168 ක්, අනෙකුත් අධ්‍යාපන ආයතන 386 න් සියයට 28 ක්, ආගමික ස්ථාන 657 න් සියයට 40 ක්, ඉදිකිරීම් හා කර්මාන්තශාලා ආශ්‍රිතව සියයට 50 ක මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන තිබේන බවද අසේල ගුණවර්ධන මහතා කීය.

    පරීක්ෂාවට ලක් කළ පරිශ්‍ර අතරින් නිවාස සියයට 4.1 ක, පාසල් සියයට 17.5 ක, රජයේ පරිශ්‍ර 10.1 ක, කර්මාන්තශාලා හා ඉදිකිරීම් ආයතනවල සියයට 15 ක, ආගමික ස්ථාන සියයට 13 ක මදුරු කීටයන් සිටි බවට හඳුනා ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img