වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අළෙවියේ යෙදවීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරායකාරී රැකියාවල ළමුන් යෙදවීම් සම්බන්ධයෙන් ලබන 01 වෙනිදා සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණයකර ඇත.
වයස අවුරුදු 16ට අඩු ළමයින් සිඟමනේ යෙදවීම, වෙළෙඳාම් කටයුතුවල යෙදවීම සහ වයස අවුරුදු 16 – 18 අතර ළමුන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියාවල යෙදවීම තනහනම් කිරීමට හැකි වන පරිදි දැනට පවතින නීතිමය විධිවිධාන අදාළ බලධාරින් මඟින් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් අනුමැතියද ලැබී තිබේ.
ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙලක් මඟින් මහජනතාව දැනුම්වත් කිරීමටත් සිය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනි, සරෝජා පෝල්රාජ් මහත්මිය ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.