තවත්
    මුල් පිටුවදේශීය පුවත්කතරගම ට පොලිසියෙන් 1000ක්

    කතරගම ට පොලිසියෙන් 1000ක්

    රුහුණු මහා කතරගම වාර්ෂික පෙරහර පැවැත්වෙන කාලය තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් 1050ක් යොදවා ඇත.

    මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඝෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරීවරු 05 දෙනෙකු හා පොලිස් ස්ථානාධිපතිවරු 03 දෙනෙකු සමඟ මෙම නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

    පෙරහර අද (26) ආරම්භ වන අතර ලබන ජුලි 10 වෙනිදා දක්වා පැවැත්වෙන අතර දිය කැපීමේ මංගල්‍ය 11 වෙනිදා පැවැත්වීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img