තවත්
    මුල් පිටුවදේශීය පුවත්A/L නොවැම්බර 10- අයදුම්පත් කැඳවීම අද සිට

    A/L නොවැම්බර 10- අයදුම්පත් කැඳවීම අද සිට

    අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගය ලබන නොවැම්බර් 10 වැනිදා සිටියේ දෙසැම්බර් 05 වැනි දා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුවේ සඳහන් කරයි.

    ඒ අනුව විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද(26) ආරම්භ වේ. ලබන ජුලි 21දා දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් පත් යොමු කළ හැකිය.

    සියලුම පාසල් අයදුම්කරුවන් සිය විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් ඊට අදාළ උපදෙස් අනුවද මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කළ යුතුවේ.

    පෞද්ගලික අයදුම්කරුවන් එම අයදුම්පත් යොමු කිරීමේදී සිය ජාතික හැඳුනුම්පත හා ඊට අදාළ තොරතුරු ඉදිරිපත් කළ යුතුය.

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අයදුම් පත් යොමු කළ හැකිය

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img