ස්ථානාධිපතිවරු ඇතුළු පරීක්ෂක ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් 34 දෙනෙකුට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සිට ස්ථාන මාරුවීම් නියෝගයක් අද(12) නිකුත් කරනු ලැබීය.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 27 දෙනෙක් සහ පොලිස් පරීක්ෂකවරු 07 මෙසේ ස්ථාන මාරුකර ඇත.
මෙහිදී විවිධ පොලිස් කොට්ඨාශවල සාමාන්‍ය රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් 17 දෙනෙකුට ස්ථානාධිපතිධූර හිමිව තිබේ. නිලධාරීන් 11 දෙනෙක්ට ස්ථානාධිපතිධූර අහිමිව ඇත. මෙම ස්ථාන මාරු නියෝගයෙන් ස්ථානාධිපතිධූර රැක ගැනීමට සමත්ව ඇත්තේ නිලධාරීන් 06 දෙනෙක් පමණි.