පූඩළුඔය පිහිටි තේ වත්තක සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි 22 හැවිරිදි වියැති තරුණයෙක් වතුයායේ පිහිටි නිල නිවසේදී ඉන්ධන වර්ගයක් යොදාගෙන ගිනි තබාගැනීමකින් තුවාල ලබා රෝහල්ගතව සිටියදී දින 13කට පසු මියගොස් ඇත.
මෙම තරුණ වතු අධිකාරීවරයා ගිනි තබාගෙන ඇත්තේ පසුගිය මැයි 20 වෙනිදා රාත්‍රී කාලයේදී බවත් ඔහු මියගොස් ඇත්තේ පෙරේදා 02 බවත් පූඩළුඔය පොලිසිය සඳහන් කළේය.
මෙම තරුණයාගේ පියා මධ්‍යම පළාතේ සේවයේ නිරත සහකාර පොලිස් අධිකාරීවරයෙකි.
ගම්පොල පදිංචිව සිටි මෙම තරුණයා ගම්පොල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය සඳහන් කළේය.
තරුණයා මිය යාමට පෙර සිය මවට ඒ සම්බන්ධයෙන් සදහන්කර ජංගම දුරකථනයෙන් කෙටි පණිවුඩ පවා යොමුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.