සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් සහ ඔහුගේ පුතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස අද ප්‍රශ්න කරනු ලැබීය.
ජනපති අරමුදලේ මුදල් අවභාවිතා වීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලව මෙම ප්‍රශ්න කිරීම සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් දයාසිරි ජයසේකර මහතා ජනපති අරමුදලින් රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාගෙන ඇත. එම මුදලින් රෝහල් ගාස්තු ලෙස වැය වී ඇත්තේ ඊට අඩු මුදලක් බවත් ඉතිරි මුදල නැවත අරමුදලට ලබානොදීම සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.