යතුරුපැදියක මෝටර් රථයක් ගැටීමට සලස්වා තුවාල ලැබූ යතුරුපැදිකරු රෝහල්ගත කරන මුවාවෙන් පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කිරීමකට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මාවනැල්ල පොලිසිය විමර්ශන ආරම්භකර තිබේ.
මෙසේ ඝාතනය වී ඇත්තේ හිගුල දෙල්ගහගොඩ පදිංචිකරුවෙක් වන 27 හැවිරිදි වියැති අහමඩ් හිලාල් නැමැති අයෙකි.
මෙම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයේ යතුරුපැදිය ගැටීමට සලස්වා අනතුරට ලක්කර ඇත්තේ පසුගිය 10 වෙනිදා රාත්‍රී කාලයේදීය. හිගුල් ඔය ප්‍රදේශයේදි මෙම අනතුර සිදුකර ඇති බව පොලිසිය සදහන් කරයි.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුව ඒ ක්ෂණිකව ඔසවා මෝටර් රථයේ දමා පැහැරගෙන ගොස් පහරදී ඇත. පහරකෑමට ලක්ව අසාධ්‍ය තත්ත්වයේ සිටි ඔහු රෝහල්ගතකර සිටියදී මියගොස් ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය.
මෙම පහරදීමට මුල මත්ද්‍රව්‍ය ආරවුලක් බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.