බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය කළ මෙරට 16 වැනි විජයග්‍රහණයේ රණවිරු සැමරුමට අද (18) උදෑසනවනවිටත් එක් නොවන බව සඳහන් කළ ජනපති අනුර කුමාර දිසානානක මහතා මීට සුළු වේලාවකට පෙර තමන්ගේ සහභාගිත්වය තහවුරු කර තිබේ.
දේශප්‍රේමී ජාතික පෙරමුණ හා ආර්ය පදනම ඊයේ කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් රටේ සේනාධිනායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රණවිරු සැමරුමට පැමිණෙන්නැයි සිහිපත් කළේය.
ඊට හේතුව වී තිබුණේ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසල පැවැත්වෙන රණවිරු සැමරුමට ජනාධිපතිවරයා වෙනුවට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සහභාගිවන බවට රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහෙන විසින් මාධ්‍යට හෙළි කිරීමයි.
මේ සමඟ සමාජ මාධ්‍ය මෙන්ම විශ්‍රාමික රණවිරුවන් ඇතුළු බොහෝ පිරිසක් ජනාධිපතිවරයා හෝ අගමැතිනිය රණවිරුවන් සැමරීම ප්‍රතික්ෂේප කරන්නේ දැයි විමසා සිටියහ. ජනාධිපතිවරයා නොපැමිණෙන විට අගමැතිනිය යොමු වීම සාමන්‍ය සම්ප්‍රදාය වුවද නියෝජ්‍ය අමාත්‍යවරයකු ඊට යොමු කිරීම දක්වා ආණ්ඩුව කටයුතු කිරීම ඇතමෙක්ගේ විමතියට හේතු වී තිබිණි.
ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික පිළිවෙත ජනාධිපති, අගමැති, කථානායක,විපක්ෂ නායක,කැබිනට් ඇමතිවරු,ෆීල්ඩ් මාර්ෂල් සහ ඊට සමාන ගුවන් නාවික නිල, මහ බැංකු අධිපති, පළාත් ආණ්ඩුකාරවරු,පළාත් ප්‍රධාන අමාත්‍යවරු,රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස පහළට ඇදී යන අතර රණවිරුවන් සිහිපත් කිරීම නියෝජ්‍ය අමාත්‍ය මට්ටමට පහත හෙළා ඇතැයි ඇතමෙක් චෝදනා කර තිබිණි.
රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහෙන විසින් ජාතික රූපවාහිනියට පැමිණ මීට සුළු මොහොතකට පෙර කළ ප්‍රකාශයෙන් කියැවුණේ රණවිරු සැමරුම ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.