පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රූපවාහිනි සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
පසුගිය මහ මැතිවරණය කාලෙ තමන් පාවිච්චි කළ වාහනවලට තෙල් සල්ලි ගෙව්වේ සිය පක්ෂයෙන් බව හෙතෙම මෙහිදී අනාවරණය කළේය.
පළාත් පාලන චන්දෙ පටන් ගනිද්දිම මම තෙල් වලට ගිය වියදම් ලේඛනය ලබා දෙන ලෙස කිව්වා. ඒ මුදල් පියවන්නම් යයි මා කිව්වා.වෙනදා චන්දවලට හෙලිකොප්ටර් වලින් ගියා. අද රට ගොඩනගන්න අපිට වියදම් වූ තෙල් ටිකත් ආපසු ආණ්ඩුවට දෙනවා යැයි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.