මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට අද දින ඉදිරිපත් වූ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම ඊයේ (17) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කිරීමත් සමඟ දේශබන්දු තෙන්නකෝන් මහතා අද අධිකරණයට ඉදිරිපත් විය.
දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරු රැසක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි බව වාර්තාවේ.