පහරකෑමකට ලක්ව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරුවෙකු රෝහල තුළ කලහාකාරී ලෙස හැසිරී හේතුවෙන් රෝහලින් එළියට දැමීමට රෝහල් කාර්ය මණ්ඩලය ඊයේ (16) පියවර ගෙන ඇත.
හලාවත දැසුරුඔය පදිංචිකරුවෙක් වන 22 හැවිරිදි වියැති මෙම රෝගියා තවත් පුද්ගලයකු සහ කාන්තාවන් තිදෙදෙනක් සමඟ එක්ව රෝහල ඉදිරිපිට මාර්ගයේ කොළඹ – හලාවත මාර්ගය අවහිර කරමින් තමාට පහරදුන් අය අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් කළහාකාරී ලෙස හැසිරී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
මෙම අවස්ථාවේදී හලාවත මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ මාර්ගය අවහිර වන සේ රැදී සිටි පිරිසට මාර්ගයෙන් ඉවත්වන ලෙස දැනුම්දෙමින් පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පවසා තිබේ.
එහිදී මාර්ගය අවහිර වන සේ රැදී සිටි පිරිස ඊට ඇහුම්කන් නොදී පොලිස් නිලධාරීණ්ට දොස් පවරමින් මාර්ගය අවහිර වන සේ තවදුරටත් රැදී සිට ඇත. එහිදී පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වෙමින් මාර්ගය අවහිර වන සේ රැදී සිටි සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී සැකාර කාන්තාවක් විසින් පොලිස් නිලධාරිනියගේ අත සපා කා ජංගම දුරකථනයකින් නිලධාරිනියට පහරදී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනෙක් සිටින බවත් සැකකරුවන් අවුරුදු 22,17,48 මඑ 55 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවටගත් සැකකරුවන් අතර රෝහලින් එළියට දැමූ පුද්ගලයාද සිටියි. ඔහුට පහරදුන් අවුරුදු 22ක් වයසැති සැකකරුවද පොලිසිය ඊයේ (16) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.