කථානායක අශෝක රංවල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව නිල වශයෙන් දැනුම් දී ඇත.
සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජය තුළ මතුවීම මත ඊට අදාළ ඇතැම් ලියකියවිලි මේ මොහොතේ ඉදිරිපත් කිරීමට තමා සතුව නොමැති බැවින් මෙම තීරණය ගත් බව හෙතම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එසේම තමාට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතින බව ද ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කරන බව ද සිය නිවේදනයෙහි සඳහන් කර ඇත.