fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්හොර පාරෙන් ගෙනබව කියන විජිත් විජිතමුණි සො යිසාගේ ලොරි රථයක් හපුතලෙන් මතුවේ

    හොර පාරෙන් ගෙනබව කියන විජිත් විජිතමුණි සො යිසාගේ ලොරි රථයක් හපුතලෙන් මතුවේ

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතාට අයත් බව කියන නීති විරෝධි ලෙස මෙරටට ආනයනයකර ඇති ලොරි රථයක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

    හපුතලේ මුතුවාන වත්තේ තිබී සොයාගත් මෙම ලොරි රථය මෝටර් රථ කොමසාරිස්ගේ නිසි අවසරයකින් තොරව එකලස්කර ඇති බවට සැකකරන බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.

    මෙම ලොරි රථය මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් සිය භාරයට ගෙන ඇත්තේ පසුගිය 05 වෙනිදාය. එහෙත් එහි ස්විචයේ යතුර නොතිබීම හේතුවෙන් ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා තිබී ඇත. යතුර ඊයේ හමුවීමෙන් අනතුරුව ලොරිය හපුතලේ පොලීසියට රැගෙන ගොස් භාරදුන් බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img