අනුරාධපුර කූම්බිච්චන්කුළම වැව අසලදී තරුණයකු හා තරුණියක අතර ඇති වූ පෙම් ආරවුලක් දුර දිග යෑමෙන් තරුණයා තියුණු ආයුධයකින් තරුණියට පහර ඇත.
තියුණු ආයුධයෙන් පහර කෑමට ලක් වූ තරුණියගේ ශරීරයේ බරපතල තුවාල සිදු වී ඇති අතර, ප්‍රදේශවාසීන් ඇයව කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
පහර දීම සිදු කළ තරුණයා එම ස්ථානයේ සිටි තරුණයින් විසින් අල්ලා අනුරාධපුර පොලීසියට භාර දීමට කටයුතු කර තිබුණි.
පහර කෑමට ලක් වූ තරුණිය හා තරුණයා එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනුරාධපුර පොලීසිය පවසයි.
මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ දිනයේදීය.