තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හොර අංක තහඩුවෙන් ජිප් රියක් තබාගත් තංගල්ල සභාවේ උප සභාපතිට වූ...

    හොර අංක තහඩුවෙන් ජිප් රියක් තබාගත් තංගල්ල සභාවේ උප සභාපතිට වූ දේ..

    වැසි අංක හා එන්ජින් අංක මැකූ ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ලග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු උප සභාපති මෙන්ම මෙවර මහා මැතිවරණයට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කණ්ඩායම් නායකයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග කරන අමිල අබේසේකර මහතා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (15) අත්අඩංගුවට ගෙන බෙලිඅත්ත පොලිසියට භාරදී ඇත.

    අමිල අබේසේකර මහතා විසින් පරිහරණය කළ එම ජීප් රථය බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක ගරාජයක නවතා තිබියදී ඉකුත් 11 වෙනිදා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් සොයාගෙන තිබුණි.

    රජයට අයත් ජීප් රථයක් පුවක්දණ්ඩාවේ නිවස ගරාජයක සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත මෙම ජීප් රථය සොයාගත් බව පොලිසිය පැවසීය.

    ජීප් රථය තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා පාවිච්චි කල වාහනයක් බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.

    මෙම ජීප් රථයේ අංකය ව්‍යාජ එකක් බවත් මෙම අංකය හිමි වාහනය ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කරුවෙකුට අයත් මෝටර් රථයක අංකයක් බවට කරුණු අනාවරණය වීමෙන් පසු ඊයේ (15 ) පෙරවරුවේ සැකපිට හිටපු උප සභාපතිවරයා අත් අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

    සැකකාර හිටපු උප සභාපතිවරයා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img