මෙවර ජනාධිපතිවරණය ආශ්‍රිතව සමාජ මාධ්‍ය යොදා ගනිමින් සිදුකරන නීතීවිරෝධී ප්‍රචාරයන් ඉහළ ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මේ වනවිට ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 812 ක් වාර්තා වී ඇති බවයි.
මේ අතර ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍යයේ පොස්ට් හුවමාරු කිරීමේදි සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, පුද්ගලයින්ට අපහාස වන පළකිරීම් සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් විය යුතු බවයි.
විවිධ ව්‍යාජ ගිණුම් ඔස්සේ පළ කරන එවැනි පළකිරීම් හුවමාරු කිරීම මගින් ඔබ මැතිවරණ නීතිය යටතේ වරදකට හසුවිය හැකි බවද ඔහු සඳහන් කළේ ය.
එවැනි සිද්ධි සම්බන්ධයෙන් ලැබෙන සියලු පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට පියවර ගෙන ඇති බවද චරුක දමුණුපොල මහතා පැවසුවේ ය.