ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) සිදුකිරීමට නියමිතව තිබේ.
තැපෑලට භාරදීමෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත්රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පැවසීය.
ඒ අනුව අදාළ බෙදාහැරීමේ කටයුතු හෙට සිට සිදු කරනු ඇත.