fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සමූහ දූෂණයට ලක්වූ පාසල් සිසුවියට කරපු දෙයින් අධිකරණය වෛද්‍යවරයාත් අත්අඩංගුවට

    සමූහ දූෂණයට ලක්වූ පාසල් සිසුවියට කරපු දෙයින් අධිකරණය වෛද්‍යවරයාත් අත්අඩංගුවට

    spot_img

    සිසුන් පිරිසක් අතින් දූෂණයට ලක්වූ තණමල්විල පාසල් සිසුවිය වෛද්‍ය පරික්ෂණ සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර සිටියදී ඇයට බැණ තර්ජනය කළ බව කියන හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයාව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 03ක ශරීර ඇපයක් මත එම වෛද්‍යවරයාව නිදහස් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා ඊයේ 17 සවස නියෝග කර තිබේ.

    මෙලෙස ශරීර ඇප මත නිදහස් කර ඇත්තේ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා ලෙස කටයුතු කල ටී.සී. ප්‍රියදර්ශණ පෙරේරා නැමති 32 හැවිරිදි වෛද්‍යවරයායි.

    තණමල්විල ජාතික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි බාලවයස්කාර දැරියක් සමූහ අපයෝජනය කිරීමේ සිද්ධියකට අනුව පරීක්ෂණ පැවැත් වූ තණමල්විල පොලීසිය විසින් අදාල වින්දිත දැරිය වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා පසුගිය 10 වන දින හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

    එහිදි දැරිය පරීක්ෂා කර ඇති අදාල වෛද්‍යවරයා දැරියට බැණ තර්ජනය කර දැරියට හා දැරියගේ මවට දැඩි පීඩනයක් ලබා දී දැරියගේ කටඋත්තරය පවා වෛද්‍යවරයාට අවශ්‍ය පරිදි වෙනස් කල බවට දැරියගේ මව විසින් හම්බන්තොට මූලස්ථාන පොලිසියට හා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලි කර තිබුණි.

    එම පැමිණිල්ලට අදාලව විමර්ශන පැවැත්වූ ජාතික ළමා ආරක්ෂණ අධිකාරීයේ නිලධාරීන් විසින් චෝදනා එල්ල වු වෛද්‍ය වරයා හම්බන්තොට මහ රෝහලේ දී 17 දින අත්අඩංගුවට ගනු ලැබීය. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img