fbpx
තවත්
    මුල් පිටුවspecialගාසා පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් -සිය ගණනක් මරුට

    ගාසා පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් -සිය ගණනක් මරුට

    spot_img

    ඊශ්‍රායලය විසින් ගාසා හී පාසලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සියයකට අධික පිරිසක් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

    ප්‍රහාරයට ලක් වු පාසල ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් දිගින් දිගටම එල්ල කරනු ලබන ප්‍රහාර හමුවේ අවතැන් වූ ජනතාව ආරක්ෂාව පතා පැමිණි සිටි ස්ථානයක් බවට වාර්තා වන අතර එහි කුඩා දරුවන් කාන්තාවන් ඇතුලු සිවිල් වැසියන් විශාල පිරිසක් සිට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    ප්‍රහාරයෙන් අනතුරුව සමාජ මාධ්‍යවල පළවු විඩියෝවන්වල ජීවිතක්ෂයට පත්වුවන් විශාල පිරිසක් දැක්වෙන අතර ඇතැමුන්ගේ ශරීර කොටස් පමණක් දක්නට ලැබෙන ආකාරය ද දිස්වේ.

    මෙහිදී අවතැන්වුවන් හට ලැබුණු ආහාර ටින්, ප්‍රහාරයේ පිලිස්සීමට ලක්වු මෙට්ට මෙන්ම කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු පවා අදාල වීඩියෝ පටවලින් දැක ගැනීමට හැකියාව ලැබේ.

    මේ අතර හමාස් සංවිධානය සඳහන් කර සිටින්නේ ප්‍රහාර සිදුවන අවස්ථාවේදී පාසල තුල පුද්ගලයින් 6000ක් පමණ රැදි සිට ඇති බවයි.

    ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කර සිටියේ හමාස් සංවිධානයෙන් ත්‍රස්තයින් 20ක් පමණ අදාල භූමියෙන් රැදී සිටි බවත් ඔවුන් ඉලක්ක කර ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි.

    මෙලෙස ප්‍රහාරයන් අඛන්ඩව එල්ල වන අතරතුරුදි ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් අවි මිලදී ගැනීමට ලබාදීමට නියමිත බවට වාර්තාවේ. ඒ අනුව අදාල මුදල ඇමරිකාවේ නිෂ්පාදිත අවි මිලදී ගැනීමට පමණක් යොදා ගත හැකි බවටද වාර්තාවේ.

    මේ අතර මැදපෙරදි තුල දරුණු යුද්ධයක පෙර නිමිති පහළ වී ඇති අතර ඇමරිකා එක්සත් ජනදය සිය ආරක්ෂක අංශ සහ ප්‍රහාරක ගුවන් යානා එම කළාපය වෙත යොමු කිරීමට මේවන විටත් පියවරගෙන ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img