තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව ඉහළට

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව ඉහළට

    ලබන මාසයේ සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව රුපියල් අටදහසක් දක්වා වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    සීමා වාසික පුහුණුව ලබන සහ මේ වන විට දෙවැනි වසරේ සිටින සිසුන්ට වැඩි කළ දීමනාව අගෝස්තු මාසයේ සිට ලබා දෙන අතර නවක සිසුන් සඳහා සැප්තැම්බර් මාසයේ සිට එම දීමනාව ගෙවීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ

    එම සිසුන්ට දැනට ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව ප්‍රමාණවත් නොවන බවට දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයට කළ දැනුවත් කිරීම් මත දීමනාව රුපියල් තුන්දහසකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබුණේ මෙම වසර මුලදීය.

    නමුත් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොමැති වීම නිසා මේ දක්වා එම තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබිණි.

    එහෙත් පවතින මුදල් කළමනාකරණය කර ගනිමින් දීමනාව වැඩි කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img