ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පතලක තිබී දැවැන්ත දියමන්තියක් සොයා ගැනීමෙන් පසු ඉන්දීය කම්කරුවෙකුගේ ඉරණම එක රැයකින් වෙනස් වූ පුවතක් වාර්තා වේ.
කැරට් 19.22ක මෙම දියමන්තියට රජයේ වෙන්දේසියකදී ඉන්දිය රුපියල් මිලියන 8ක පමණ මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අදාල දියමන්තිය හමු වූ රාජු ගවුන්ඩ් පැවසුවේ දියමන්තියක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් තමා වසර 10 කට අධික කාලයක් පන්නා නගරයේ පතල් කැනීම කළ බවයි.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හී පිහිටි පන්නා නගරය එහි වූ දියමන්ති සංචිත සඳහා ප්‍රසිද්ධ ඇති අතර මිනිසුන් බොහෝ විට වටිනා දියමන්ති වැනි පාෂාණ සඳහා රජයෙන් පතල් බදු ගැනීම සිදු කරනු ලබයි.
ඉන්දියාවේ මධ්‍යම රජයේ ජාතික ඛනිජ සංවර්ධන සංස්ථාව පන්නා හි යාන්ත්‍රික දියමන්ති කැණීමේ ව්‍යාපෘතියක් පවත්වාගෙන යයි. එහිදී මූලික මෙවලම් සහ උපකරණ යොදා ගනිමින් දියමන්ති සොයන පුද්ගලයන්ට, පවුල්වලට සහ සමුපකාර කණ්ඩායම්වලට නොගැඹුරු පතල් බදු දීම සිදුකරයි.
මෙහිදී ඕනෑම සොයාගැනීමක් රජයේ දියමන්ති කාර්යාලයට භාර දෙනු ලබන අතර, එහිදී මෙම දියමන්ති වල වටිනාකම ඇගයීමට ලක් කරයි.
මේ අතර 2018 වර්ෂයේදී කම්කරුවෙක් පන්නා ප්‍රදේශයේ පතලකින් ඉන්දීය රුපියල් මිලියන 15ක් වටිනා දියමන්තියක් සොයා ගත්තේය. කෙසේ වෙතත්, එවැනි සොයාගැනීම් දුර්ලභ ය.
මෙහිදී දියමන්තිය සොයාගත් ගවුන්ඩ් පවසා සිටියේ, කෘෂිකාර්මික හා පෙදරේරු කටයුතු අවම වන මෝසම් සමයේදී තම පවුලේ සාමාජිකයින් පතල් බදු ගන්නා බවයි.
“අපි ගොඩක් දුප්පත්. වෙන කිසිම ආදායම් මාර්ගයක් නෑ. ඒ නිසා අපි මේක කරන්නේ යම්කිසි මුදලක් ඉපයීමේ බලාපොරොත්තුවෙන්,” ඔහු පැවසීය.
ඒ අනුව දියමන්ති හේතුවෙන් මිනිසුන්ගේ ජීවිතය වෙනස් කිරීමට සමත්වූ කතා අසා තිබූ ඔහු කවදා හෝ දිනයක තමන්ද වාසනාවන්ත වනු ඇතැයි බලාපොරොත්තුවෙන් පසුවිය.
එම බලාපොරොත්තු ඇතිව බදාදා උදෑසන ඔහු පතුලට ගොස් ඇත්තේ දියමන්තියක් සොයා ගැනීමට හැකිවනු ඇති බවට වූ බලාපොරොත්තුවද සමඟයි. කෙසේවෙතත් බදාදා සවස්වන විට තමන්ගේ දෛවය නොසිතූ ලෙස වෙනස් කර ගැනීමට ඔහුට හැකියාව ලැබිණි.
“මම ගල් පෙරමින් සිටියදී වීදුරු කැබැල්ලක් වැනි දෙයක් දැක්කා. මම එ්ක ටිකක් උනන්දුවෙන් සොයා බලන විට අනෙක් ගල් වල නැති වෙනස් දිලිසීමක් දැකගන්න ලැබුණා. පසුව මට එක දියමන්තියක් කියලා තේරුම්ගියා,” ඔහු ප්‍රකාශ කළේය.
පසුව ගවුන්ඩ් තම සොයා ගැනීම රජයේ දියමන්ති කාර්යාලයට ගෙන ගිය අතර එහිදී එය පරික්ෂා කිරීමට ලක් කර කිරා මැන බලනු ලැබ තිබේ.
ඒ අනුව මෙම දියමන්තිය මීළඟ රජයේ වෙන්දේසියේදී විකුණීමට නියමිත අතර එහිදී රජයේ බදු අඩු කිරීමෙන් පසුව මුදල ගවුන්ඩ් හට ලැබීමට නියමිතය.
එම මුදලින් තම පවුලට හොඳ නිවසක් තනා තම දරුවන්ගේ අධ්‍යාපන වියදම් පවා ගෙවීමට ගවුන්ඩ් බලාපොරොත්තු වේ. නමුත් මුලින්ම ඔහු කළයුතු වන්නේ මේවන විට ලබාගෙන ඇති ඉන්දීය ලක්ෂ පහක පමණ ණය ගෙවීමයි.
තමන් සමඟ ජීවත් වන ඥාතීන් 19 දෙනෙකු අතර මුදල් බෙදා දීමට සැලසුම් කර ඇති බැවින් දියමන්තිය ගැන මිනිසුන් සොයා ගැනීමට තමන් බිය නොවන බවද ඔහු පවසයි.
“හෙට මම ආයෙත් දියමන්ති හොයන්න පතලට යනවා” ඔහු වැඩිදුරක් කීවේය.