ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉදිරි ජනාධිපතිවරණයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
බයිඩන් ජනාධිපතිවරයා නියෝජනය කරනු ලබන ඩෙමෙක්රටික් පක්ෂයෙන් පසුගිය දින කිහිපය තුල එල්ල වූ දැඩි බලපෑමත් සමඟ මෙලෙස ජනාධිපතිවරණයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව තමන් වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා උප ජනාධිපතිනිය වන කමලා හැරිස්ගේ නම යෝජනා කිරීම සුදුසු බවද බයිඩන් ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවට වාර්තා වේ.
තම තීරණය සම්බන්ධයෙන් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති බයිඩන් සඳහන් කර සිටියේ, “නැවත තේරී පත්වීම මගේ අභිප්‍රාය වුනත්, මගේ ධූර කාලයෙහි ඉතිරි කාලය සඳහා ජනාධිපති ලෙස මගේ යුතුකම් ඉටු කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කරණ අතර මගේ පක්ෂයේ සහ රටේ යහපත සඳහා මම නැවත තරඟ කිරිමේ වැලකී සිටිනවා.” යනුවෙනි.
ජනාධිපති බයිඩන්ගේ මෙම තීරණයත් සමඟම ඇමරිකානු ජනාධිපති සටන යලිත් නවතම මානයකට ගෙන යාමට සමත්ව ඇත. ඉකුත් දා පැවති විවාදයේදී වැඩි වාසි ඩොනල්ට් ට්‍රම්ප් හට වැඩි වාසියක් අත් වීමත් සමඟයි.
59 හැවිරිදි හැරිස් යම් ආකාරයකින් ඩෙමොක්රටික් පක්ෂයේ අපෙක්ෂිකාව ලෙස නම් කර ඇත්නම්, ඇය එක්සත් ජනපද ඉතිහාසයේ ප්‍රධාන පක්ෂයකින් ජනාධිපති අපේකෂත්වයට පත්වූ කළු ජාතික කාන්තාව බවට පත්වනු ඇත. කැලිෆෝනියාවේ හිටපු නීතිපතිවරියක සහ හිටපු එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු වශයෙන්ද ඇය කටයුතු කර ඇත.