fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොළඹ අක්කර 6ක ගැහිල්ල

    කොළඹ අක්කර 6ක ගැහිල්ල

    නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ 02, ජේම්ස් පීරිස් මාවතේ පිහිටි අක්කර 06ක පමණ ඉඩමක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව අනූනව අවුරුද්දකට බදු දී ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණ වී තිබේ.

    2019 වසරේදී රුපියල් බිලියන 12කට එම ඉඩම බදු දී ඇති බව කමිටුව හමුවේ අනාවරණ වී ඇති අතර මෙම ඉඩමට අදාළ බදු ගිවිසුම කෙටුම්පත් කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කළ හා අනුමත කළ බදු කොන්දේසිවලට අමතරව අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත නොකළ වෙනත් කොන්දේසි ඇතුළත් කර ඇති බවද අනාවරණ වී තිබේ.

    මේ අතර නාගරික සංවර්ධන අධිකාරිය සතුව කොළඹ කොටුව ඩී ආර් විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි අක්කර දෙකයි රූඩ් දෙකයි පර්චස් 21යි දශම 4ක ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව බදු දීම හේතුවෙන් රුපියල් මිලියන 330ක අලාභයක් එම අධිකාරියට දැරීමට සිදුව ඇති බවද අනාවරණ වී ඇත.

    ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ආයෝජන ඉඩම්වල සම්පූර්ණ වාර්තාවක් සති දෙකක් තුළ ලබා දෙන ලෙසයි කෝප් කමිටුව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img