නීතිවිරෝධීව ලබාදී ඇති පත්වීම් වහා අවලංගු කරන්නැයි මැතිවරණ කොමිසම සියලු පළාත් ආණ්ඩුකාරවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
කොමිසම පවසන්නේ, පළාත් පාලන මැතිවරණය කල් දමා ඇතත් පළාත් පාලන මැතිවරණ නීතිය මේ වනවිට බලාත්මක බවයි
ඒ අනුව එම නීතිය බලපවත්වන කාලය තුළ කිසිදු දේශපාලන පක්ෂයක්, අපේක්ෂකයින් මෙන්ම කණ්ඩායමක් ප්‍රවර්ධනය නොවන සේ කටයුතු කළ යුතු බවද කොමිසම අවදාරණය කරයි.
එසේ තිබියදී ඇතැම් පළාත් ආණ්ඩුකාරවරුන් විසින් පලාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයින්ට පත්වීම ප්‍රදානය කර ඇති බවට මැතිවරණ නිරීක්ෂකයින් පැමිණිලි ඉදිරිපත් කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
ඒ අනුව එසේ දී ඇති පත්වීම් අවලංගු කරන ලෙසත් ලබාදීමට සූදානම් කර ඇති පත්වීම් පිරි නැමීමෙන් වළකින ලෙසත් පළාත් ආණ්ඩුකාරවරන්ට දැනුම් දුන් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාටද ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය.
මේ අතර, පළාත් පාලන ආයතනවල රාජ්‍ය සම්පත් අවභාවිතය වහාම නතර කරන්නැයි පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට හා පළාත් පාලන කොමසාරිස්වරුන්ට ලිඛිතව දැනුම් දුන් බවද මැතිවරණ කොමිසම පැවසුවේ ය.