තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දැලිවල කොටවෙහෙරේ පුරාවස්තු සොරකමට වසර දෙකහමාරක් -සැකකරුවන් නිදැල්ලේ

    දැලිවල කොටවෙහෙරේ පුරාවස්තු සොරකමට වසර දෙකහමාරක් -සැකකරුවන් නිදැල්ලේ

    රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්ධිරයද බිඳ ඓතිහාසිකමය වැදගත්කමකින් යුතු රන් සහ පළිඟු කරඬු රැසක් 2022 වසරේ පෙබරවාරි 12 වෙනිදා සොරාගෙන තිබුණි

    . අදටත් ඒ් සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව නැත.

    රන් කරඩු පහක් සහ පළිඟු කරඬු තුනක් සොරාගෙන තිබුණි. ඒවා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ විශේෂ මංජුසාවක තැන්පත් කර තිබී ඇත.

    1956 සහ 2000 වසර වල දැලිවල කොටවෙහෙරේ කළ කැණීම් කටයුතුවලින් මෙම පුරාවස්තු සොයාගෙන තිබුණි.

    මෙම සොරකම සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එකල පවරා තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් රඹුක්කන ස්ථානගත වෙමින් විමර්ශන පැවැත්වූවත් මාස කිහිපයකට පසු ඔවුන් විමර්ශන කටයුතු අතහැර කොළඹ බලා පිටත්ව ගොස් තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img