fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි බිලට සහනයක් දෙන දවස

    විදුලි බිලට සහනයක් දෙන දවස

    එළැඹෙන 16 වැනිදා සිට විදුලි බිල අඩුවීම ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා පවසයි.

    විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳ අවසන් තීරණය 15 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ඔහු කියාසිටී.

    මේ සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමිසිම ලබන 08 වැනිදා දක්වා සිදු කරනු ඇති අතර පසුදින (09) වාචික අදහස් විමසීම සිදු කරයි.

    එය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිදු කරනු ලබයි. වාචික අදහස් විමසීමට කලින් ලියාපදිංචි වියයුතු අතර 0770126246 දුරකථන අංකයට කතා කර ලියාපදිංචි විය හැකි බව කොමිසම සඳහන් කරයි.

    විදුලි බිල අඩු කිරීම පිළිබඳව විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යොමු කෙරුණු යෝජනා.

    • 0-30 අතර ඒකකයක් රුපියල් 2කින්,
    • 30-60 අතර ඒකකයක් රුපියල් 11කින්,
    • 60-90 අතර ඒකකයක් රුපියල් 12කින්,
    • 90-120 අතර ඒකකයක් රුපියල් 20කින් අඩු කිරීමට.
    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.