තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදෙස් ණය ගිවිසුම් ගැන යෝජනා සම්මත කරන්න මැතිසබේ රැස්වෙයි

    විදෙස් ණය ගිවිසුම් ගැන යෝජනා සම්මත කරන්න මැතිසබේ රැස්වෙයි

    ලබන මස 02 හා 03 වැනිදා දෙදින පාර්ලිමේන්තුව කැඳවීමට ඊයේ (28) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණ කර තිබේ.

    විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරිමේ යෝජනා සම්මත කර ගැනිම සදහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 16 අනුව පාර්ලිමේන්තුව කැදවන්නැයින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පසුගියදා ඉල්ලීමක් කරනු ලැබීය.

    ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ රැස්විය.

    විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරිමේ යෝජනා සදහා දින දෙකක විවාදයක් ලබාදෙන ලෙසට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කර ඇති අතර එම විවාදය ලබාදීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී එකඟතතාවය පළකර තිබේ.

    මෙම යෝජනාව රටට වැදගත් යෝජනාවක් බැවින් ස්ථාවර නියෝග අත්හිටුවා හෝ යෝජනාව සාකාච්ජා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා කළ යෝජනාවට කිරිඇල්ල මහතා විරුද්ධවී තිබේ. 

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img