වැටුප් වැඩිවීමේ ඉතිරි කොටස වහාම ලබා දෙන්නැයි බල කරමින් අද (26) ගුරු විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තාකොට සේවයට නොපැමිණ සිටීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වෙති.
රටේම ගුරු විදුහල්පතිවරු මෙන්ම පිරිවෙන් ගුරුවරු හා ගුරු උපදේශකයන් ද මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසයි.
මේ හේතුවෙන් අද දින පාසල් වලට සිසුන්ගේ පැමිණීමේද අඩුවක් දක්නට ලැබිණි. ඒ ඇතැම් ගුරුවරු අද දින තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවට පාසල් ළමුන් දැනුවත් කිරීම හේතුවෙනි.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන මෙන් ඉල්ලා අධ්‍යාපන බලධාරීන් සමග කොතරම් සාකච්ඡා පැවැත්වුවත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයකට හේතුව බව වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.