ලබන සතියේ දී රාජ්‍ය ආයතන කිහිපයක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබේ.
ඒ අනුව අනිද්දා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති අතර 19 වනදා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති බව සඳහන්ය.
මීට අමතරව එළැඹෙන 20 වනදා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවීමට නියමිතය.
එම රාජ්‍ය ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය පිළිබඳව මෙහිදී සොයාබැලීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.