තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සරසවි අනධ්‍යයන වර්ජනයට අදට දින 46ක්

    සරසවි අනධ්‍යයන වර්ජනයට අදට දින 46ක්

    විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය, 46 වැනි දිනටත් අද (16) ක්‍රියාත්මක වේ.

    ඒ හේතුවෙන් සති අන්ත පාඨමාලාවලට ද, බාධා මතුව ඇත.

    වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මකයි.

    විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අනිද්දා (18) කැඳවා ඇති සාකච්ඡාවෙන් පසුව වැඩවර්ජනය පවත්වාගෙන යාම පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බවයි.

    මේ අතර රජයේ මිනින්දෝරුවන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img