fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වර්ජන වෑයම් වතුරේ -වැටුප් දීමනා වැඩිවීම් දෙන්න බෑ

    වර්ජන වෑයම් වතුරේ -වැටුප් දීමනා වැඩිවීම් දෙන්න බෑ

    මේ වසරේදී විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් හා දීමනා වැඩිවීමක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවට අධ්‍යාපන අමාත්‍යංශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

    එම අමාත්‍යංශයේ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට ලිපියක් යවමින් මේ බව සඳහන් කර ඇත.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් නිරවුල් කිරීමට පත්කර ඇති විශේෂඥ කමිටුව ලබාදෙන නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරියේදී වැටුප් හා දීමනා වැඩි කිරීමට තීරණ ගන්නා බව ද එහි දක්වා තිබේ.

    විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල වැටුප් විෂමතා පිළිබඳ ඉල්ලීම් තිබේ නම් මෙම විශේෂඥ කමිටුවට යොමු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කරන ලෙස ද ලේකම්වරිය එමගින් දැනුම් දී ඇත.

    මේ අතර, රජයේ මෙම තීරණය පිළිනොගන්නා බවත්, අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බවත් විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පවසයි.

    මීට පත්කළ කමිටුවලින් වෘත්තීය සමිති ඉල්ලීම් ඉටු නොවූ බවත්, මේ වසර තුළ වැටුප් හා දීමනා වැඩිකිරීමක් සිදුනොවන්නේ නම් වසර පුරා වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමටද සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.