තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කතකට මන්නයෙන් කෙටූ වැඩ තහනම් පොලිස් කොස්තාපල් සොයයි

    කතකට මන්නයෙන් කෙටූ වැඩ තහනම් පොලිස් කොස්තාපල් සොයයි

    දවුලගල ප්‍රදේශයේ කාන්තාවකට මන්නා පිහියකින් පහරදී ඇය සතු ජංගම දුරකථනය පැහැර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයකර වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට දවුලුගල පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර ඇත.

    දවුලුගල නගරයට ආසන්න මාර්ගයක ගමන් කරමින් සිටියදී ඇය අසලට පැමිණ ඇති මෙම පුද්ගලයා ඇයගෙන් යම් මාර්ගයක් විමසා ඇත.

    එම මාර්ගය සම්බන්ධයෙන් ජංගම දුරකථනයෙන් පරික්ෂා කිරීමේදී ක්ෂණිකව ජංගම දුරකථනය උදුරා තිබේ. එහිදී ඇය මෙම පුද්ගලයා සමඟ පොර බදා ඇත.

    ඇයට තියුණු ආයුධයකින් පහරදී ඇය සතු ජංගම දුරකථනය උදුරාගෙන පලාගොස් ඇත්තේ එහිදී බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img