අකුරට වැඩකරමින් තමන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ලබන ඉරිදා තාවකාලිකව අත්හිටුවීමට, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය තීරණය කර තිබේ.
එහි ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේ ඊයේ (06) දහවල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සමග සාකච්ඡාවකින් අනතුරුව මේ පියවර ගත් බවයි.
මේ අතර විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය අද 36 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.