fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය රියදුරන්ගේ වර්ජනයක්

    දුම්රිය රියදුරන්ගේ වර්ජනයක්

    ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද (6) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය නිවේදනය කර ඇත.
    දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔවුන් පවසයි.
    දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු බලධාරීන් දුම්රිය රියදුරන්ගේ ගැටලුවලට විසඳුම් දීම මඟහැරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණවීමට සිදුවූ බව අදාළ නිවේදනයේ දැක්වෙයි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.