ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා පිරිනමන පොලී අනුපාත ඉහළ දැමීම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ.
ඒ පිළිබඳ පැහැදිලි විශ්ලේෂණයක් සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස් දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු සහ මූල්‍ය ආයතන ගිණුම් සඳහා ආර්ථික අර්බුද පැනනැඟීමට පෙර වාර්ෂිකව 15%ක පමණ පොලී ප්‍රතිශතයක් තිබුණි.
මේ වන විට එය තනි ඉලක්කමේ ප්‍රතිශතයක් බවට පත්ව ඇත.
ඒ අනුව පොලී ආදායමෙන් ජීවත් වූ බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙය අහිතකර ලෙස බලපා තිබේ.
මෙම කාරණය පිළිබඳව ඔවුන් විසින් ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම දැනුවත් කර ඇත.
ජනාධිපතිවරයා මේ පිළිබඳ සොයාබලා ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.