තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ වසරට දෙදහසක් ජොබ්වලට කොරියා ගිහින්

    මේ වසරට දෙදහසක් ජොබ්වලට කොරියා ගිහින්

    ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 04 තුළ ලාංකිකයින් 2,000කට වැඩි පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

    එම කාර්යංශය පෙන්වා දෙන්නේ, පුද්ගලයින් 2,064 දෙනෙකු ගත වූ මාස 04 තුළ දකුණු කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවය.

    ඒ අනුව නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා 1708 දෙනෙකු, ධීවර ක්ෂේත්‍රය සඳහා 351 දෙනෙකු, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 5 දෙනෙකු ද දකුණු කොරියාව වෙත ගොස් තිබේ.

    ඔවුන්ගෙන් 1,892 දෙනෙකු පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

    මෙම කාල සීමාව තරුණියන් 41 දෙනෙකු ද දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img