තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොව ඇදුම රෝගීන් වැඩිම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

    ලොව ඇදුම රෝගීන් වැඩිම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

    ලෝකයේ ඇදුම රෝගීන් වැඩිම රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්ව ඇතැයි ශ්‍රී ලංකා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

    මෙරට ජනගහනයෙන් 10% ත් 15%ත් අතර පිරිසක් ඇදුම රෝගය හේතුවෙන් පීඩා විඳින බව එහි සභාපති වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා කීය.

    ඇදුම රෝගය නිසා කුඩා දරුවන්, ‍තරුණ තරුණියන් සහ වැඩිහිටියන් විශාල වශයෙන් මානසික සහ ශාරීරික අපහසුතාවයන්ට මුහුණ දෙන බව හෙතෙම කියාසිටී.

    ඇදුම රෝගීන්ගෙන් 95% ක් පමණ සරල, ඉතා ලාභදායී ඉහළ ක්‍රියාකාරිත්වයක් සහිත ඖෂධ මගින් පාලනය කළ හැකි බව හෙතෙම පෙන්වාදේ.

    නිසි ආකාරයට ප්‍රතිකාර නොගැනීම හේතුවෙන් ඇතැම් විට මරණය පවා සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා සඳහන් කළේ ය.

    කෙසේවෙතත් අවාසනාවන්ත ලෙස වසරකට ලෝකය පුරා ලක්ෂ 5ක පමණ සංඛ්‍යාවක් ඇදුම රෝගය නිසා මියයති.

    ලෝක ඇදුම රෝග දිනය මැයි 07 වනදාට යෙදී තිබේ.

    ඒ වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනන් ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img