තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පක්ෂෙ ප්‍රශ්න විසඳගන්න ශ්‍රීලනිපය හදිසියේ රැස්වෙයි

    පක්ෂෙ ප්‍රශ්න විසඳගන්න ශ්‍රීලනිපය හදිසියේ රැස්වෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් හෙට (08) පැවැත්වේ.

    කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වෙන මෙම රැස්වීම කැඳවා ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

    පක්ෂය තුළ මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ ය.

    ඊට අමතරව ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව ද, ඔහු කීය.

    ශ්‍රීලනිපයේ අනුශාසිකා, හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකරන ලද පෙත්සමකට අදාළව ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පසුගියදා අතුරු වාරණයක් නිකුත් කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.

    පක්ෂ ප්‍රතිසන්ධානය මුල්කොට ගනිමින් මෑතකාලයේදී ශ්‍රීලනිපය තුළ ධුරවල වෙනස්වීම්, නෙරපීම්, පත්කිරීම් යනාදිය හේතුවෙන් එම පක්ෂය අර්බුද ගණනාවකට මුහුණ දී සිටිනු දකින්නට හැකි විය.

    මේ අතර පක්ෂ මූලස්ථානයේ පැවති ලිපිගොනු අස්ථානගතවීම සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

    ලිපිගොනු අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ඇතුලු කිහිපදෙනෙකු සිදුකල පැමිණිල්ලට අදාළව තමන් ද පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම කීය.

    අධිකරණය විසින් දුන් තීන්දුවට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ශව කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img