fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"විභාග දෙපාර්තමේන්තුවේ සහතිකයට ජීවිතය අසමත්වෙන්න කොහෙත්ම ඉඩදෙන්නෑ"

    “විභාග දෙපාර්තමේන්තුවේ සහතිකයට ජීවිතය අසමත්වෙන්න කොහෙත්ම ඉඩදෙන්නෑ”

    ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකිරීමේ නව නීතිය මෙම මැයි මාසයේ දී ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම නීතිගත කරමින් එම සහනය රටට ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

    එසේම ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවිමේ කාලය 2042 දක්වා දීර්ඝ කර ගැනීමටත්, එම ණයවලින් කොටසක් ඉවත් කර ගැනීමටත් සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපතිවරයා කියයි.

    පරිවර්තනීය වෙනසක් සමඟ 2048 වන විට සමෘද්ධිමත් ශ්‍රි ලංකාවක් ගොඩනැගීමේ ගමනට රජය මේ වන විට අවතීරණ වී තිබෙන බව ඔහු කීය.

    ජනාධිපතිවරයා අවධාරණය කළේ සටන් පාඨ හා තර්කවලට යටවී රටේ අනාගතය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අමතක නොකළ යුතු බව ද ය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියාසිටියේ “මගෙන් පටන් ගමු” අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවට ඊයේ (06) පස්වරුවේ එක්වෙමිනි.

    කූඹිච්චංකුලම වැව් ඉස්මත්තේදි පැවති මෙම සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් එක්ව සිටි අතර, ඔවුන් තමන්ගේ ගැටළු රැසක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

    එම බොහෝ ගැටළුවලට එම අවස්ථවේදීම විසදුම් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර අනෙකුත් ගැටළු විසඳිමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මෙහිදී මතු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ සහතිකයට ජීවිතය අසමත් වීමට කිසි ලෙසකත් ඉඩ නොතබන බව ය.

    ගොඩනැගෙන ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් විවර කර දීමට අපේක්ෂා කරන බවත් හෙතෙම කීය.

    එමෙන්ම ඉදිරියේදී සාමාන්‍ය පෙළ සහතිකය නිසා වසර දහතුනක අධ්‍යාපනය නවතා දැමීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා පැවසිය.

    රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන යන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා තරුණ තරුණියන් දැනුවත් කළේය.

    මෙරට තරුණ තරුණියන් නවීන තාක්ෂණයෙන් බල ගන්වමින් ඔවුන් රටේ ආර්ථිකයට සෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළ රජය සතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.