තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුන්හිඳ ඔඩිසි සතියට දින තුනක් බදුල්ලට

    දුන්හිඳ ඔඩිසි සතියට දින තුනක් බදුල්ලට

    අලුතින් ආරම්භ කළ දුන්හිඳ ඔඩිසි නව සංචාරක දුම්රිය සතියට දින 3ක් කොළඹ සිට බදුල්ල බලා ධාවනය කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව අඟහරුවාදා, සිකුරාදා සහ ඉරිදා දිනයන්හිදී එම දුම්රිය බදුල්ල බලා ධාවනය වීමට නියමිතය.

    අදාළ දිනයන්හිදී පෙරවරු 6.30ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    එම දුම්රිය සෙනසුරාදා, සඳුදා සහ බදාදා දිනවල පෙරවරුවේ 8ට බදුල්ල සිට කොළඹ බලා ගමන් ආරම්භ කරනු ඇත.

    ‘දුන්හිඳ ඔඩිසි’ දුම්රිය, දේශීය හා විදේශීය සංචාරකයින්ට, නැරඹීම හා ඡායාරූප ගැනීම සඳහා දර්ශනීය ස්ථාන 10ක සුළු වේලාවක් නතර කෙරනු ඇත.

    මෙම දුම්රියේ 1 වන පන්තියේ ප්‍රවේශ පත්‍රය රුපියල් 8,000කි.

    දෙවන පන්තිය සඳහා ප්‍රවේශපත්‍රය රුපියල් 6,000ක් වන අතර තුන්වන පන්තිය සඳහා ප්‍රවේශ පත්‍රය රුපියල් 5,000ක් වනු ඇත.

    පිටත්වීම හා පැමිණීම සඳහා අවස්ථා දෙකට ම අදාළ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 12,000 කි.

    බ්‍රිතාන්‍යයන් බදුල්ල සිට කොළඹ දක්වා දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් අරඹා වසර 100ක් සපිරීම නිමිත්තෙන් මෙම දුන්හිඳ ඔඩිසි නව සංචාරය දුම්රිය ධාවනයට එක්කර තිබේ.

    මේ අතර දුම්රිය මැදිරිවල වහල රහිතව ලීවලින් සැකසූ නැරඹුම් මැදිරි ඇතුළු මැදිරි තුනකින් සමන්විත සුඛෝපභෝගි කෙටිදුර සංචාරක දුම්රියක් ‘කැලිප්සෝ’ නමින් බණ්ඩාරවෙල සිට දෙමෝදර දක්වා දිනපතා ධාවනය කිරීමට ද පියවර ගෙන ඇත.

    ප්‍රවාහන අමාත්‍යංශය පැවසුවේ, එහි ගමන්වාර දෙකට රුපියල් 6,000ක මුදලක් අය කෙරෙන බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img