නාඩු සහල් සඳහා පවතින ඉල්ලුම සම්පූර්ණ කිරීම සඳහා නව සහල් ප්‍රභේදයක් වෙළඳපොළට හඳුන්වාදීමට තීරණය කර තිබේ.
රතු කැකුළු නාඩු බවට පරිවර්තනය කර මෙහිදී ගෝල්ඩන් රයිස් නමින් වෙළඳපොළට නිකුත් කරන බව වී අලෙවි මණ්ඩල සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ සඳහන් කළේ ය.
මේ අතර වී මිලදී ගැනීම සඳහා මේ වන විට දිවයින පුරා වී ගබඩා 37ක් විවෘත කර තිබුණි.
එහෙත් වී අලෙවි මණ්ඩලය සඳහා වී ලැබෙමින් පවතින්නේ හම්බන්තොට, අම්පාර හා මොණරාගල යන දිස්ත්‍රික්කවලින් පමණි.