fbpx
තවත්
    මුල් පිටුවspecialඓතිහාසික ජයක් -5 වැනි වරටත් රුසියාව පුටින්ට

    ඓතිහාසික ජයක් -5 වැනි වරටත් රුසියාව පුටින්ට

    රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් එරට මැතිවරණයෙන් සුවිශේෂී ජයක් ලබා ගැනීමට සමත්වීමත් සමඟ පස්වන වරටත් එරට ජනාධිපතිවරයා වීමට අවස්ථාව හිමිකරගත්තේය.

    ඒ අනුව එරට ප්‍රකාශිත ඡන්ද වලින් සියයට 87ක ප්‍රතිශතයක් ලබාගැනීමට පුටින් සමත්ව ඇති බව එරට මැතිවරණ බලධාරීන් නිවේදන කර තිබේ.

    ඒ අනුව සෝවියට යුගයෙන් පසුව රුසියානු ජනාධිපතිවරණයකදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූ පළමු අවස්ථාව මෙය වන බවද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

    මෙම ජයග්‍රහණයත් සමඟ තමාට ලැබුණු වසර 6ක ධුර කාලය සම්පූර්ණ කළහොත් ව්ලැඩිමීර් පුටින්, ජෝසෆ් ස්ටාලින් අභිබවා වසර 200කට වැඩි කාලයක් තුළ රුසියාවේ දීර්ඝතම පාලකයා බවට පත්වේ.

    මැතිවරණ ජයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදි පුටින් සඳහන් කර සිටියේ සිය ජයග්‍රහනය බටහිරට විරුද්ධව යුක්රේනය ආක්‍රමණය කිරීමට ඔහු ගත් තීරණය සනාථ කිරීමක් බවයි.

    මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සඳුදා බටහිරට රාජ්‍යයන් වෙත අනතුරු ඇඟවමින් කියා සිටියේ රුසියාව සහ එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හමුදා සන්ධානය අතර සෘජු ගැටුමක් ඇති වීම යනු තුන්වන ලෝක සංග්‍රාමයෙන් හට ගැනීමට ඇත්තේ තවත් එක් පියවරක් පමණක් බවයි, නමුත් කිසිවෙකුට එවැනි තත්වයක් අවශ්‍ය නොවන බවද ඔහු පැවසීය.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.