නව විදුලි සම්බන්ධතාවයක් ලබාගැනීමේදී සහ විසන්ධි කළ විදුලි සම්බන්ධතා නැවත ලබාගැනීමේදී හි ජනතාවට සහාන ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
විදුලිය විසන්ධි කළ පසු නැවත ලබාගැනීමේදී පෙර අය කළ රුපියල් 3,000ක ගාස්තුව රුපියල් 800 දක්වා අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළ බව එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය.
එමෙන්ම නැවත විදුලි සම්බන්ධතාවය ලබාදීමේදී ගෙවාගැනීමට නොහැකි මුදල් ප්‍රමාණය කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව ලබාදී ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටී.